බස් ගාස්තු රුපියල් 10ක් හෝ 15කින් වැඩි කළ යුතුයි – බස් සංගම්

bussl

ඉන්ධන මිල වැඩි වීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බව බස් රථ හිමියන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (01) ප්‍රවාහන බලධාරීන් සමඟ පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි එම සංගම් සඳහන් කරන්නේ.

ලංකා පෞද්ගලික බස් එථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ රුපියල් 10 ක් හෝ 15 කින් ගාස්තු වැඩිවීමක් සිදුවුවහොත් පාඩුව දරාගත හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බවයි ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ.