හිඟ විදුලි බිල් පියවීමට කටයුතු නොකිරීම හේතුවෙන් විසන්ධි කළ බදුල්ල ශික්ෂණ රෝහලට අයත් අංශ කිහිපයක විදුලි සැපයුම යළි ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ඊයේ (10) පස්වරුවේ රුපියල් මිලියන 20ක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල සතියක් තුළ ගෙවා දමන බවට ලිඛිතව දැනුම් දීමෙන් පසු යළි විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කළේ.
රුපියල් කෝටි 07කට ආසන්න හිඟ විදුලි බිලක් රෝහල වෙත යොමුකර තිබු අතර එය නොගෙවීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ රෝහලේ වෛද්‍ය නිල නිවාස, හෙද පුහුණු අංශය හා හෙද නේවාසිකාගාරයේ විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබුණා.
කෙසේ වුවද නිසි කළමනාකරණයකින් තොරව රෝහල් බලධාරීන් විදුලි බිල නොගෙවීම තුළින් වෛද්‍යවරුන් සහ සේවකයින් දැඩී අසීරුතාවට පත්වන බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ.
බදුල්ල රෝහලේ විදුලි බිලෙන් මිලියන 20 ක් ගෙවයි
-
මේ ආණ්ඩුවට පිං කිරීමත් ලොකු ප්‍රශ්නයක් වෙලා – නාමල්
Read more >> -
මෙහෙම ගියොත් පුංචි ඡන්දෙදි ජනතාව ආණ්ඩුවට හොඳ සංඥාවක් දේවි – නලීන් බණ්ඩාර
Read more >> -
දෙමෝදර දී දුම්රියක් පීලි පනී
Read more >> -
උතුරු මැද පළාතේ 11 ශ්‍රේණිය වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රයක් පිටවෙයි
Read more >> -
චීනයේ HMPV වෛරසය නව වෛරසයක් හෝ වසංගත තර්ජනයක් නොවේ – වෛද්‍ය චන්දිම ජීවන්දර
Read more >> -
මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර 130,000 ක් ජනවාරි මාසය තුළ නිකුත් කිරීමට පියවර
Read more >> -
පාසැල් ආරම්භය සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක්
Read more >> -
යුද හමුදාපති දළඳා සමිඳුන් වැඳ පුදා ගනියි……
Read more >> -
ජනතාව වැඩියෙන්ම රැවටීමට ලක් කළේ මාලිමාව – ජේ.සී. අලවතුවල
Read more >> -
Clean Sri Lanka වැනි වැඩසටහන් මහ පොළොවේ පැල කරන්න බැහැ – දිලිත්
Read more >>