ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් ත්‍රිකුණාමලය චීන වරාය කඳවුරු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා.
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරීම සඳහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
ගුවන් පරීක්ෂණ කටයුත්තක් සඳහා අද (07) උදෑසන 11.25ට පමණ චීන වරාය ගුවන් පථයෙන් ගුවන් ගත වී ඇති යානය 11.27 ට පමණ ගුවන් හමුදා චීන වරාය කඳවුරු ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.
අනතුරින් ගුවන් නියමුවා සහ ගුවන් පරීක්ෂණ රාජකාරි සඳහා එහි ගමන් කළ ඉංජිනේරු නිලධාරියා මියගොස් ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළා.
පුහුණු ගුවන්යානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් මරුට
