LPL 2023: ඊයේ තරග සාරාංශය

lpl-2023-new-thumb

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම සමත් වුණා.

ඊයේ පළමු තරගය Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් සමඟ පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Dambulla Aura කණ්ඩායමට ආරාධනා කළා.

ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් රැස්  කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 182 ක් පමණයි.

ඒ අනුව Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් සමඟ පැවති තරගය ලකුණු 10 කින් ජය ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්  වුණා.

ඊයේ දිනයේ දෙවන තරගය Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

Jaffna Kings කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණක් වන අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ B-Love Kandy කණ්ඩායම පන්දුවාර 13 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ඒ අනුව Jaffna Kings කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට B-Love Kandy කණ්ඩායම සමත් වුණා.