ආනයනික භාණ්ඩ 300ක පමණ ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
HS286 කාණ්ඩය යටතේ පවතින භාණ්ඩ සඳහා මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකර ඇති බවත් 2023 ජූනි 09 දින සිට මෙය බලපැවැත්වෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව ආනයනික සීමා ලිහිල් කළ භාණ්ඩ අතරට ආහාර ද්‍රව්‍ය, නානකාමර උපාංග, ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුළත් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ ගැසට් නිවේදනය පහතින්.
https://bit.ly/3MY7t05