රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදීමට රජය උත්සාහ දරණ බව උත්තර ලංකා සභාගය පවසනවා.
ශ්රී ලංකා ආර්ථිකය 2023 වසරේදී 4.2% කින් පමණ හැකිළෙනු ඇති බවට ලෝක බැංකුව ප්රකාශ කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ.
එසේම රුපියලේ මිල ඉහළ නැංවීමට කටයුතු කරන්නේ කෘතිම ආකාරයෙන් බවට හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් රජය ප්රතිචාර දැක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රී වීරසුමන වීරසිංහ පවසනවා.
රජය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර ජනතාවට තාවකාලික සහනයක් ලබාදී පාලකයින්ගේ අරමුණුවලට යාමේ උත්සාහයක් පෙනෙන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ආර්ථිකය ගැන සැබෑ තත්ත්වය සඟවා විකෘති තත්ත්වයක් නිර්මාණය කර තාවකාලික සහනයක් ලබාදීමට රජය කටයුතු කරමින් ඉන්නවා – උත්තර ලංකා සභාගය
