SL vs AFG 3rd ODI : ශ්‍රී ලංකාවට ලකුණු 117 ක ඉලක්කයක්

sl-vs-afg-1st-odi

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 23 ක් හා Ibrahim Zadran ලකුණු 22 ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් හා ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 117 ක්.