සති අග තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට

export

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා මෙම සතිය අග ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මේ වන විට ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1216 ක් දක්වා අඩුවී ඇති බවයි අද (07) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රජය ගත් තීන්දු තීරණවල ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.