නතාෂා සහ බෘ​නෝ යළි රිමාන්ඩ් කිරීමට නියෝග

nathasha-edirisooriya

නතාෂා එදිරිසූරිය සහ බෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඔවුන්ට එරෙහි නඩුව අද (07) කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.