පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට විදේශ ගමන් තහනමක්

gajendrakumar-ponnambalam

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම තහනම පනවා ඇති බවයි සඳහන් වන්නේ.

2023 ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 10.00 ට මරුතැන්කේනි පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් තමා පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන තුරු තමාගේ විදේශ ගමන් තහනම් කරන ලෙස පොලිසිය කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයාට ඉල්ලීමක් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.