ගම්පොළ ප්‍රදේශයේ ඊයේ රාත්‍රි​යේ භූ කම්පනයක්

earth

ගම්පොළ ප්‍රදේශයේ ඊයේ (05) රාත්‍රියේ භූ කම්පනයක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

ඒ අනුව ඊයේ රාත්‍රීයේ රික්ටර් මාපකයේ 2ක පමණ සුළු භූ කම්පනයක් මෙලෙස සිදුව ඇති බවයි එම කාර්යංශය සඳහන් කරන්නේ.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ, බුද්ධංගල යන මාපකවල මෙය සටහන්ව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.