ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට

oil-1

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (05) සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 77 කට ආසන්න අගයකට, 1% කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සෞදි අරාබිය ජූලි මාසයේදී දිනකට බැරල් මිලියනයක (bpd) කප්පාදුවක් සිදු කරන බව ප්‍රකාශ කිරීමෙන් පසු මෙලෙස බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.