කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යාවි – කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය

chicken-new

ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල ඉදිරි සති කිහිපය ඇතුළත පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ, සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවයි.

මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති බවත්, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.