ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (02) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව පළමු එක්දින තරගය අද පෙරවරු 10.00 ට හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්තට සහ මතීෂ පතිරණට අද එක්දින වරම් දිනා ගැනීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි සඳහන් වන්නේ.
තරගයේ සජීවී තොරතුරු එසැණ හරහා ඔබ වෙත ගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.