ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 කට වඩා ගෙවීමක් ලබන සියලු පුද්ගලයන් සහ ක්ෂේත්‍ර කිහිපයක නියැලෙන පුද්ගලයන් අද (01) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක වෘත්තිකයන් ද, ව්‍යාපාර, දේපළ හෝ ඇතැම් වාහන හිමිකාරීත්වය දරණ පුද්ගලයන්ද මෙලෙස ලියාපදිංචි වීම අනිවාර්ය බවයි මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
ලියාපදිංචි වීම අනිවාර්ය සියලු පිරිස පහතින්.
* ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
* ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
* ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
* ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
* මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
* ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
* මාසිකව සේව්‍ය-සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු.20,000 ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
* දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
* ශ්‍රී ලංකාව තුළ මාසිකව රු.100,000 ක් හෝ වාර්ෂිකව රු.1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු