දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මෙම ගීතය මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන උත්සව හා වෙනත් අවස්ථාවලදී, ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගැනෙන බවට සාක්ෂි ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දක්වා තිබෙන්නේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.