දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ එක් ඒකකයක් වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100 ක කාලයක් මෙලෙස නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත් මෙම කාල සීමාවේදී අනෙකුත් තාප විදුලි බලාගාර සමඟ කළමනාකරණය කරගනිමින් අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.