එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා අද සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි

express-pearl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා අද (24) දිනයේ සිංගප්පූරු අධිකරණයකදී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සිංගප්පූරුවේ නීතීඥ සමාගමකට අදාළ කටයුතු සිදු කිරීම සඳහා භාරදී ඇති බවයි සඳහන් වන්නේ.

මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වැනිදා වන අතර අනතුර හේතුවෙන් මෙරට මුහුදට බහාලුම් 1486 ක් පමණ ඇද වැටුනු බවයි සඳහන් වන්නේ.