25 වනදා උතුරු නැගෙනහිර පළාත්වල හර්තාල් ව්‍යාපාරයක්

maharagama-harthal

ලබන 25 වනදා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් පවසනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් එම හර්තාල් ව්‍යාපාරය පැවැත්වෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.