පස් පුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

යාපනය, ඩෙල්ෆ් දූපතේ නිවසක සිටි පුද්ගලයින් පස් දෙනෙකු කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව සඳහන් කළේ, සැකකරුව ඊයේ (22) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු සන්තකයේ තිබී රන් මාල තුනක්, වළලු ජෝඩු දෙකක්, තනි වළලක්, මුදු 8ක්, කරාබු දෙකක් හා පෙන්ඩන්ඩ් එකක් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

යාපනය, ඩෙල්ෆ් දූපතේ ජැටියට ආසන්න මාවේලි ප්‍රදේශයේ නිවසක් තුළ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් සහ කාන්තාවන් තිදෙනෙක් ඝාතනයට ලක්කර තිබුණා.