එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට වන්දි ඉල්ලා හෙට සිංගප්පූරු අධිකරණයේ නඩු පවරයි

express-pearl

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන මුහුදුබත්වීම හේතුවෙන් මෙරට මුහුදු සීමාවට සිදුවූ පරිසර හානියට අදාළ වන්දි ඉල්ලා හෙට (24) දිනයේ සිංගප්පූරු අධිකරණයක දී නඩු පැවරීමට නියමිත බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ.

මෙම නෞකාව කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වැනිදායි.