‘අස්වැසුම’ සුභසාධක ප්‍රතිලාභ ගෙවීම ජූලි පළමු වැනිදා සිට ඇරඹෙයි

1000

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සංක්‍රාන්තික පවුල් සදහා ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා මසකට රුපියල් 2,500 ක් ලබා දීමට නියමිත අතර අවදානමට ලක් වූ පවුල් සඳහා මසකට රුපියල් 5,000 ක් ලබන වසරේ මාර්තු 31 දක්වා ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එසේම දුප්පත් පවුල් සඳහා 8,500ක දීමනාවක් ජූලි පළමු වනදා සිට වසර තුනක කාලයක් ලබා දීමට තීරණය කර ඇති අතර අන්ත දිළිදු පවුල් සඳහා ද රුපියල් 15,000ක දීමනාවක් ජූලි පළමු වැනිදා සිට වසර 03ක කාලයක් ලබා දීමට නියමිතයි.