ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට

22b7626a-2fd54cca-38f8ad29-arrest_850x460_acf_cropped_850x460_acf_cropped

අකුරණ ආගමික ස්ථානයකට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පසුගියදා 118 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවයි සඳහන් වන්නේ.