මධ්‍යම සහ ඌව පළාත්වලට නව ප්‍රධාන ලේකම්වරුන් පත් කෙරේ

presidential-secretariat

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පළාත් දෙකක් සඳහා නව ප්‍රධාන ලේකම්වරුන් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ලෙස අජිත් ප්‍රේමසිංහ සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස දමයන්ති පරණගම මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වන්නේ.

දැනට අදාළ තනතුරු හොබවන නිලධාරීන් විශ්‍රාම යෑමෙන් පසුව මෙම පත්වීම් බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.