ගාලු මුවදොර පිටියේ සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් ආදි​ය පැවැත්වීම සඳහා අවසර ලබානොදීමට තීරණයක්

galle-face-road

මහජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් ගාලු මුවදොර පිටිය වෙන්කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව සමාජ වගකීම් ව්‍යාපෘතියක් වශයෙන් ගාලු මුවදොර පිටිය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් භාරගෙන ඇති අතර එම අධිකාරිය විසින් රුපියල් මිලියන 220ක් පමණ ඒ සඳහා වැය කිරීමට නියමිතයි.

අප්‍රේල් 20 වැනිදායින් පසුව මහජනතාවට නිදහසේ කාලය ගත කිරීමට හා සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ගාලු මුවදොර පිටිය ලබාදීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ගාලු මුවදොර පිටියේ සුන්දරත්වයට හානි වන හෝ හානි කළ හැකි සංගීත සංදර්ශන, දේශපාලන රැස්වීම් හෝ වෙනත් කටයුතු සඳහා මින් ඉදිරියට එම භූමියේ පැවැත්වීමට අවසර හිමි නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්,

3feab3e5d5df57d1285ae046d3b4c1f9