SLvsIRE 1st Test : ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 591 කට අත්හිටුවීමට තීරණය කරයි

SLvsIRE

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පළමු ඉනිම සඳහා ලකුණු 591 ක් ලබා ගත්තා.

ඒ අනුව පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් සිව්දෙනෙක් ශතක වාර්තා කිරීමට සමත් වූ අතර නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් හා සධීර සමරවික්‍රම මෙලෙස ශතක වාර්තා කළා.

ලකුණු පුවරුව පහතින්.

bae7f9b93562c413efc54737bbf7dd8d