චන්දිමාල්ගෙන් සහ සධීරගෙන් ශතක දෙකක්

chandimal-sadeera

සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ශතක දෙකක් වාර්තා කිරීමට දිනේෂ් චන්දිමාල් සහ සධීර සමරවික්‍රම සමත් වුණා.

ඒ අනුව දිනේෂ් චන්දිමාල් පන්දු 152 කින් සිය ශතකය වාර්තා කළ අතර ඒ සඳහා හතරේ පහර 12 ක් ඇතූලත් වුණා.

එසේම සධීර සමරවික්‍රම පන්දු 112 කින් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ඔහුගේ ශතකය සඳහා හතරේ පහර 12 ක් ඇතුළත් වුණා.