ගම් බිම් බලා ගිය ජනතාවට කොළඹ බලා පැමිණීමට ප්‍රවාහන සේවා අද සිට ක්‍රියාත්මකයි

bussl

සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් අද (15) සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අංශ පවසනවා.

ඒ අනුව අද දිනයේ මගීන්ගේ ඉල්ලුම පරිදි 10% ත් 15% ත් අතර ප්‍රමාණයකින් බස් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළා.

හෙට (16) දිනයේ පිට පළාත් බස් රථ 50% ක ප්‍රමාණයක් සහ අනිද්දා දිනය වන විට සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ, ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට අවශ්‍ය බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි.

එසේම ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ දුම්රිය කිහිපකයක් යොදවා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.