IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (12) Rajasthan Royals කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 3 ක ජයක් ලැබීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත්තා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලබාගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 172 ක් පමණයි.