සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව එම සංචිතය සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වනවා.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අප්‍රේල් 16 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.