IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (09) පැවති තරගවලින් ජය ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම් සමත් වුණා.

Gujarat Titans කණ්ඩායම හා Kolkata Knight Riders කණ්ඩායම අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් Gujarat Titans කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි Gujarat Titans කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 204 ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kolkata Knight Riders කණ්ඩායම 20 වන පන්දුවාරයේ අවසන් පන්දුවේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

මේ අතර Punjab Kings කණ්ඩායම හා Sunrisers Hyderabad කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 8 ක ජයක් ලබා ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Punjab Kings කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 143 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Sunrisers Hyderabad කණ්ඩායම 18 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.