IPL 2023 : ඊයේ තරග සාරාංශය

ipl-2023

IPL ක්‍රිකට් තරගාවලියේ ඊයේ (08) පැවති තරග දෙකෙන් ජය ගැනීමට Rajasthan Royals කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම් සමත් වුණා.

Rajasthan Royals කණ්ඩායම හා Delhi Capitals අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Delhi Capitals කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට Rajasthan Royals කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Rajasthan Royals කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 142 ක් පමණයි.

ඒ අනුව Rajasthan Royals කණ්ඩායම ලකුණු 57 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

මේ අතර Mumbai Indians කණ්ඩායම හා Chennai Super Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට Chennai Super Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Chennai Super Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Chennai Super Kings කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.