SLvsNZ 2nd T20 : නවසීලන්තයට ලකුණු 142 ක ඉලක්කයක්

SLVSNZ01

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 19 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 141 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ධනංජය ද සිල්වා ලකුනු 37 ක්, කුසල් ජනත් පෙරේරා ලකුණු 35 ක් හා චරිත් අසලංක ලකුණු 24 ක් ලබාගත්තා.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 142 ක්.