SLvsNZ 2nd T20 : කාසියේ වාසිය නවසීලන්තයට

SLVSNZ01

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද (05) Dunedin හිදී පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

අද තරඟ⁣ය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ඒ අනුව චාමික කරුණාරත්න වෙනුවට කසුන් රාජිත කණ්ඩායමට කැඳවා තිබෙනවා.

නවසීලන්ත කණ්ඩායමේ කිසිඳු වෙනසක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 6.30 ට ආරම්භ වීමට නියමිතයි.