SLvsNZ 3rd ODI : නවසීලන්තය තරගාවලිය ජයගනී

SLVSNZ01

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තෙවන හා අවසන් එක්දින තරගය කඩුළු 6 කින් ජය ගනිමින් නවසීලන්ත කණ්ඩායම එක්දින තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් වුණා.

තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 41 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම කඩුලු 4 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු කුමාර කඩුලු 2 ක්ද, කසුන් රාජිත හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින්ද බිඳ හෙළිමට සමත් වුණා.

තරග 3 කින් සමන්විත වූ එක්දින තරගාවලියේ දෙවැනි තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා අතහැර දැමූ අතර ඒ අනුව පැවති තරග දෙකම ජයගෙන තරඟ‍ාවලිය තරග 2-0 ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.