SLvsNZ 3rd ODI : නවසීලන්තයට ලකුණු 158 ක ඉලක්කයක්

SLVSNZ01

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 157 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 57 ක්, නායක දසුන් ශානක ලකුණු 31 ක් හා චාමික කරුණාරත්න ලකුණු 24 ක් ලබාගත් අතර අනෙක් කිසිඳු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව හෝ ඉක්මවා යාමට නොහැකි වුණා.

ජයග්‍රහණය සඳහා නවසීලන්ත කණ්ඩායම හිමිවී ඇති ඉලක්කය ලකුණු 158 ක්.