ප්‍රවාහන ගාස්තු අඩු කිරීමට අවධානය යොමු කරනවා – පාසල් ළමුන් ප්‍රවාහන සංගමය

school-van

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩුවීමත් සමඟ පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා ලබාගන්නා අය කිරීම් අඩු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

වැඩි වීමේ දී වැඩි වූ ආකාරයටම දෙමව්පියෝ සහ හිමිකරු සහ රියදුරු සමග ඇති කරගත් එකඟතාවය මතම මිල අඩුවීමේදීත් දෙමාපියන් සමඟ සාකච්ඡා කොට අදාළ පියවර ගන්නා බවයි එම සංගමය කියා සිටියේ.

ප්‍රතිශතයක් ලෙස අඩු කිරීමේ අපහුසතාවයක් පවතින බවත්, ඊට හේතුව ලෙස විවිධ පාසල් සේවා ධාවනය වන දුර ප්‍රමාණයන් වෙනස් බව පෙන්වාදෙන සංගමය අවධාරණය කර සිටියේ තෙල් මිල පහළ යාම මත අදාළ තීරණ ගන්නා ලෙසයි.