දුම්රිය ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ ප්‍රායෝගික​ව කරන්න බැහැ – ලසන්ත අලගියවන්න

lasanthaalagiyawanna

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අදාළ සියලු චක්‍රලේඛනයන් ඊයේ (29) දිනය වන විට සියලු පළාත් සභා, ලංකා ගමනාගමන මණ්ඩලය සහ ජාතික ගමනාගමන මණ්ඩලයටත් ලබාදීමට කටයුතු කළ බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියා.

දුම්රිය ගාස්තු සංශෝධනය පිළිබඳව අදහස් පළ කරමින් එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මේ අවස්ථාවේ දී දුම්රිය ගාස්තු සංශෝධනයක් කිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි බවයි.

ත්‍රිරෝද රථ සංගම් විසින් ඊයේ (29) දිනයේ සිටම අවශ්‍ය සංශෝධනයන් කිරීමට එකඟ වූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.