මෙරට තරබාරු පුද්ගලයින්ගේ වැඩිවීමක්

R

‍මෙරට බර වැඩි සහ තරබාරු තත්ත්වයේ සිටින පුද්ගලයින්ගේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් බර වැඩිවීම මඟින් පසුකාලීනව බෝ නොවන රෝග ඇති වීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන සඳහන් කළේ.

ඒ අනුව 2015 වසරේදී මෙරට තරබාරු ගණයේ පුද්ගලයින් සංඛ්‍යාව 22.5% ක් වූ බවත් එම ප්‍රමාණය 2021 සමීක්ෂණයට අනුව 30% ක් දක්වා වැඩිවී ඇති බවයි ඇය සඳහන් කළේ.

ආහාර පරිභෝජනය කරන ප්‍රමාණය වැය කරන ප්‍රමාණයට වඩා වැඩි නම් එය තෙල් වශයෙන් ශරීරය තුළ තැන්පත් වන බවත්, එම නිසා බර වැඩිවීම සඳහා එය බලපාන බවත් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් ක‌ළා.