තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කෙරේ

grass

මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පුද්ගලිකව හෝ ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොළ ප්‍රමාණවත් පරිදි නොලැබීම මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ඉහළ බලපෑමක් එල්ලව ඇති බව සත්ත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් අවධාරණය කර තිබෙනවා.

ගොවීන් අලෙවිය සඳහා තණකොළ වගා කරන්නේ නම් ඒවා ඉහළ මිලකට මිල දී ගැනීමට හැකියාව ඇති බවත්, එසේත් නැත්නම් රජය විසින් තෘණ වගාව සඳහා අවශ්‍ය ඉඩම් ලබා දෙන්නේ නම් තම මුදල් ආයෝජනය කර තණකොළ වගා කිරීමට හැකියාවක් ඇති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එම නිසා ශ්‍රී ලංකාවේ තණකොළ වගාව කෘෂිකාර්මික බෝගයක් ලෙස වගා කිරීම සඳහා එය කෘෂි බෝගයක් ලෙස නම් කරන ලෙස සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් විසින් ඉල්ලීමක් කර ඇති අතර ඒ අනුව මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙන්ම දැනට අපේ රටේ සත්ත්ව නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ අනුව තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.