Facebook සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගනී

party

බියගම, බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක පැවැති ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයින් 31 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (12) අලුයම් කාලයේදී බියගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබෙනවා.

ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 07දෙනෙකු, මත් කරල් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 03 දෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මෙම වැටලීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

එසේම මත්පෙති සන්තකයේ තබාගෙන සිටි සැකකාරියක් හා සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිය අවුරුදු 20ත් 27ත් අතර වයස්වල පසුවන මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්ඩ්පාස්, පෑලියගොඩ සහ කැලණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.