එළඹෙන මාර්තු 09 වැනිදා මෙරටට පොදු ජන යුගයක් නිර්මාණය වන බව ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් නායක සමන්ත විද්‍යාරත්න පවසනවා.
අද දින නිදහස් උත්සවය චාම් ලෙස පවත්වා, ඉතිරි මුදල් බෙහෙත්, පොහොර මිලදී ගැනීමට යොදා නොගත්තේ, පිරිසකට තම ප්‍රතිරූපය නිර්මාණය කරගැනීමට සහ ඔවුන්ගේ අභිමානය ලෝකයට පෙන්වීමට අවශ්‍ය වුනු නිසා බව ඔහු පෙන්වා දෙනවා.
මාර්තු 09 වන දින මෙරටට ඇත්ත නිදහස ලබාගැනීමට හැකි වන දිනයක් වනු ඇති බවද එදින මේ රටේ පොදුජනයාගේ යුගයක් නිර්මාණය වෙන බවද ඔහු අවධාරණය කරනවා.