විදුලි කප්පාදුවට එරෙහිව පැවති පෙත්සම සලකා බලනතුරු විදුලි කප්පාදුව සිදුනොකරන බවට ලංකා විදුලි බලමණ්ඩලය විසින් ඊයේ (02) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ප්‍රතිඥාවක් ලබාදී තිබුණා.
මානව හිමිකම් කොමිෂම විසින් ගොනු කළ අදාළ පෙත්සම අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ සලකා බැලූ අතර, කොමිෂමේ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර සිටියා.
ඒ අනුව ඊයේ දිනයේ දී ලබාදුන් ප්‍රතිඥාව, අද දිනයේ ඉල්ලා අස්කරගන්නා බව විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.