විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව මානව හිමිකම් කොමිසම නඩු මග​ට

human-right-commission

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට විදුලිබල මණ්ඩලයට හා අමාත්‍යංශයට එරෙහිව නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ.