මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණ තර්ජන කරලා – පැෆරල් සංවිධානය

rohana-hettiarachchi-new

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට ඉවත් වන ලෙස මරණ තර්ජන එල්ලවී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

මේ සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් පොලීසියට ඉදිරිපත් කර ඇති බවටද වාර්තා වී ඇති බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

මෙය ඉතා බරපතළ කරුණක් බවත් මෙය මැතිවරණය කල් දැමීමේ උපක්‍රමයේ එක් කොටසක් ලෙස දකින බවයි ඔහු සඳහන් කළේ.

මැතිවරණ කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩකඩ සකස් කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවට බවයි පැෆරල් සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේ.