පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙයි

th

නව අමාත්‍යවරුන් දෙදෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පවිත්‍රා වන්නිආරච්චි ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දී තිබෙනවා.

එසේම ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යරයා ලෙස ජීවන් තොණ්ඩමන් දිවුරුම් දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.