ගේම් වලින් බලයේ ඉන්න හද​න අය ඉතිහාසයේ කුණු කූඩයට වැටෙනවා – අනුර

R

ව්‍යවස්ථාවේ ඇති වගන්ති යොදා ගනිමින් විවිධ වූ සට කපට නීති ඇති කර, ශිෂ්ට සම්පන්න සම්ප්‍රදාය මුලුමනින්ම ඉවත්කර, තමන්ගේ පාලන බලය දීර්ඝ කර ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම්, ජනතා නැගිටීම් හමුවේ එය කළ නොහැකි බව මතක තබාගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ගේම්වලින් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත්, ගේම්වලින් බලයේ සිටින අගමැති ප්‍රමුඛ ආණ්ඩුව අනිවාර්යෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.