බදු නිසා ඉතිහාසයේ විශාලම බුද්ධිගලනය සිදුවෙමින් තිබෙනවා – අනුර කුමාර දිසානාය​ක

R

ජනතාව එකතුවිය යුත්තේ ජනවරමක් ඇති පාලනයකට බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුව අමතමින් පැවසුවා.

වර්තමානයේ ඇති බොහෝ බදු 2020 පැවති ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් එම ඉක්මයෑම සිදුවී ඇත්තේ, උද්ධමනය විශාල ලෙස වැඩිවී ඇති අවස්ථාවක සහ ආදායම් විශාල ලෙස අහිමි වී ඇති අවස්ථාවක බවයි ඔහු සඳහන් කළේ.

යම්කිසි පුද්ගලයෙක් ලක්ෂ 3 ක වැටුපක් ගත් පමණින් එම මුදල ඔහුගේ අතට නොලැබෙන බවත් ඔහු එම මුදලින් නිවාස ණය ,වාහන ලීසිං වාරික සහ දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කළ පසු ඔහුගේ අතට ලැබෙන්නේ එම වැටුපෙන් කුඩා ප්‍රමාණයක් බවත් මේ වන විට රජය එම වැටුපට බද්දක් අයකර ඇති අතර මෙම බද්ද නිසා මෙරට සිදුවන විශාලතම බුද්ධිගලනය නැවැත්වීමට නොහැකි බවද අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඒ අනුව ජනතාව මෙම බදු පැනවීම යුක්ති සහගත නොවන බවත් ජනතාව මත අසීමිත ලෙස බදු පටවන අවස්ථාවේ මෙරට ආර්ථිකය අර්බුදයට පත්කළ පුද්ගලයින් පොත් ලියන බවද ඔහු සඳහන් කළා.