හෙළිකොප්ටරයේ විධායක සභා රැස්වීමක් අද

OIF

නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්වෙන අතර එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිත බව වාර්තා වනවා.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙළිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටුවීමට කටයුතු කළා.