අපේ පක්ෂයට තිබුණේ මතුපිටින් නිර්මාණය කරපු විරෝධතාවක් – සාගර කාරියවසම්

000-3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව සමාජයේ ඇතිවූ විරෝධය මතුපිටින් නිර්මාණය කරන ලද විරෝධයක් පමණක් බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.

ඒ අනුව මේ වන විට ජනතාව එම සත්‍ය තේරුම් ගනිමින් සිටින බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

මෙවර මැතිවරණයේදී සමහර පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ද එම ලැයිස්තුවට ඇතුළත් කරන බවත් තවත් පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරන අතර එම ලැයිස්තුව සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින්ද ඇතුළත් කරන බවද සාගර කාරියවසම් සඳහන් කළා.